210 views 0 secs 0 comments

ගම්පහ ගිලන් රථයකට පහරදීමක්..

In Local News
June 29, 2021

ඊයේ (28) සවස ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා..

පහරදීම සම්බන්ධයෙන් 65 හැවිරිදි කඩවත, පහළදියන්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමතින් ගිලන්රථයට පහරදී ඇතැයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර අද (29) දිනයේ දී සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොදු දේපළ පනත යටතේ සහ බීමතින් සිදුකළ වැරදිවලට මෙන්ම රියදුරුට පහර දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.