214 views 0 secs 0 comments

නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ බස් රථය…

In Local News
June 29, 2021

අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් අද (29) අලුයම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ නවතා පරීක්ෂා කර රියදුරු, සහායක සහ එහි ගමන් කළ මගීන් 29දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ගතවු පැය 24ක කාලය තුළ මහනුවරින් 87, කුලියාපිටියෙන් 53 හා ඇල්පිටියෙන් 51 ක් ලෙස පුද්ගලයින් 455 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 45,099 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.