
ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් අඩංගු මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති නෞකාව සඳහා අදාළ ගෙවීම් මේ වන විට සිදුකර තිබෙනවා. ලිට්‍රෝ සමාගම සඳහන් කළේ අද (14) දිනයේ සිට ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවයි.
මෙම නෞකාව , ඩොලර් මිලියන 2.5 ක මුදලක් ගෙවීමට නොහැකිව දින 6 ක කාලයක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ අදාළ නැංගුරම්ලා තිබුණා.