
අමාත්‍ය ගාමිණී ලොකුගේගේ රියදුරා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (22) පෙරවරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ 41 හැවිරිදි මෙම රියදුරා පෞද්ගලික ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.