1625 views 0 secs 0 comments

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් කිහිප දෙනෙකුට කොවිඩ්…

In Local News
July 18, 2021

දෙහිවල සත්වෝද්‍යානයෙන් ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව විමලවීර දිසානායක මහතා පැවසීය.

පසුගිය දා දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන එන ලද “තෝර්” නැමති සිංහයා ට කොවිඩ් ආසාදනය වී තිබුණි.

පසුව සිදුකළ පරීක්ෂණවල දී එම සිංහයා සමඟ කුඩුවේ සිටි සිංහ ධේනුවට ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැණුනි.