
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ඉන්දුනීසියානු රජය අඛණ්ඩ සහය ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය ඩිවි ගුස්ටිනා ටොබිං පවසයි.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (01) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ අමාත්‍යාංශයේදී පැවති විශේෂ හමුවකදීය.
මෙහිදී තානාපතිනිය සෞඛ්‍ය සේවා උන්නතිය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළකරන අතර, ඉන්දුනීසියාවේ නිෂ්පාදනය වන ඖෂධ මෙරට වෙළෙඳපොලට ලබාදීම හා රජයන් අතර ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු කළාය.
අමාත්‍යවරයා ද මෙහිදී දැනුම්දූයේ ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවය.
හමුවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ශීලා අනන්තා උලී සහභාගී වූහ.