Connect with us

world-news

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයෙන් දැවැන්ත විනාශ…

Published

on

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් පළාතේ ඊයේ (01) රික්ටර් මාපකයේ 6.0 තත්ත්වයෙන් භූකම්පනයක් සිදු වී ඇති අතර එමඟින් දැවැන්ත හානි සිදුවී ඇත.

බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීම් මෙහෙයුම් ගුවන් මගින් පමණක් සිදුකළ හැකි වී ඇති බව දැනගන්නට ඇත. ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින අය තවමත් ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

කිලෝමීටර් 8ක ගැඹුරකින් ඇතිවූ මෙම භූකම්පනයෙන් කාබුල් සහ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරය ද සෙලවී ගොස් තිබුණි.

ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල් මේ වන විට සහන සලසා දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උණුසුම් ආහාර සහ බ්ලැන්කට් ලබාදීමට තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල්ද ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.

ඇෆ්ගනිස්තානය භූකම්පනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වන්නේ එරට ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි හමුවන ස්ථානයක පිහිටා ඇති බැවිනි. 2023 සහ 2022 වසරවලද එරට සිදු වූ භූකම්පනවලින් දහස් ගණන් මරණ සහ තුවාල වාර්තා වී තිබුණි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් මියයයි….

Published

on

By

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ අගෝස්තු 31 වන දින සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාව සඳහන් කළේ, මෙම නායයාමෙන් දිවි ගලවාගෙන තිබුණේ එක් අයෙක් පමණක් බවයි.

එම පරිබාහිරය පිළිබඳ නිල වාර්තාවන් නිකුත් වීම සිදුව ඇත්තේ අද දිනයේය.

මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශ ද සහාය ලබා දී තිබේ.

Continue Reading

world-news

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්…

Published

on

By

ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය කිලෝමීටර් 8ක ගැඹුරකින් හටගත් අතර, පසු කම්පන තත්ත්ව 3ක්ද සිදුව ඇති අතර ඒවා රික්ටර් මාපක 4.5 සිට 5.2 දක්වා පරාසයේ තිබුණි.

කාබුල් සිට පාකිස්තාන අගනුවර ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති අතර, දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථානයේ සීමාවට ආසන්න කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයේ බවද වාර්තා වේ.

තලේබාන් බලධාරීන් සඳහන් කර ඇත්තේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත්, ගලවා ගැනීම් කටයුතු සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටින බවත්ය.

භූ කම්පනයෙන් පසු ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල මාර්ග අවහිර වී ඇති අතර, ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් මගින් පමණක් බව ආරක්ෂක අංශ පවසයි.

ඒ අනුව බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟා වීමට අවශ්‍ය ගුවන් යානා සපයන ලෙසත් ජාත්‍යන්තර සංවිධානවලට ඉල්ලා සිටින බවද සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.

Continue Reading

world-news

මුම්බායි අයහපත් කාලගුණයෙන් ජන ජීවිත අඩාල වෙයි….

Published

on

By

ඉන්දියාවේ මුම්බායි නගරයේ අඛණ්ඩ තද වැසි හේතුවෙන් මිලියන ගණනක ජන ජීවිතයට දැඩි බලපෑම් සිදු වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර ගුවන්ගමන් සහ දුම්රිය සේවා අත්හිටුවීමටද සිදුවී ඇත.

මුම්බායි සහ අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ගත වූ දින හතර තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනය ලැබී ඇති අතර, එය සාමාන්‍ය මසකට වඩා අධික වර්ෂාවකි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී තත්ත්වය යහපත් වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළින් පසුගිය දින හතර ඇතුළත පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

Continue Reading

ප්‍රවණතාවන්