763 views 0 secs 0 comments

ඊශ්‍රායල රජයේ බිඳ වැටීමක්…

In World News
December 23, 2020

සමගි රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර අයවැය පිළිබඳ ව ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඊශ්‍රායල රජය බිඳ වැටී තිබේ.

ඒ අනුව වසර දෙකක් තුළ එරට පැවැත්වෙන සිව්වැනි මැතිවරණය එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිතය.

මීට පෙර පැවති මැතිවරණ දෙකේ ප්‍රතිඵල අනුව කිසිදු පක්ෂයකට පැහැදිළි ජයක් හිමිනොවූ අතර ඒ හේතුවෙන් වර්තමාන සමගි රජය බිහිවිය.

මේවන විට දූෂණ චෝදනා හේතුවෙන් අධිකරණමය ක්‍රියාදාමයකට මුහුණ දෙමින් සිටින අගමැති බෙන්ජමින් නෙතන්යාහු 6වැනි වරටත් අගමැති තනතුරට පත්වෙතැයි සැලකේ.

ඔහුට එරෙහිව එල්ලවී ඇති අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා පවසන්නේ එම චෝදනා දේශපාලන හේතුමත නගා ඇති බවය.