
මෙතෙක් කල් කොරෝනා රෝගීන් වාර්ථා නොවූ ඇන්ටා(ර්)ක්ටික් හි චිලී හමුදාව විසින් පිහිටුවා ඇති බර්නාඩෝ ඕ’ හිග්ගින්ස් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 36 දෙනෙක් හමුවී ඇති බව සඳහන් වේ.
එම පර්යේෂණ මධ්‍යස්ථානයට අවශ්‍ය දෑ රැගෙන ගිය නැවක සිටි සේවකයින් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව චිලී රාජ්‍යය මීට දින කිහිපයකට පෙර දී වාර්තා කළේය. මෙම අසාදිතයින්ගෙන් 26 දෙනෙක් හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 10 දෙනා එම ස්ථානයේ සේවය කරමින් සිටි සිවිල් සේවකයින් ය.