
කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙන අතර ප්‍රතිඵල වලට අනුව නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කල විලියම් රූටෝ මෙම මැතිවරණයෙන් තියුණු ජයක් වාර්තා කර තිබුණි. ප්‍රකාශිත ඡන්ද වලින් 50.5% ලබා ගැනීමට ඔහු සමත් වී තිබෙන අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ රයිලා ඔඩින්ගා මෙම මැතිවරණය දූෂිත බව ප්‍රකාශ කර තිබේ.