
මියන්මාරයෙන් බලයෙන් පහ කරන ලද නායිකා, අවුන් සාන් සුකී තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අමතරව වසර 6ක සිරදඬුවමක් නියම කර තිබේ.
මහජන ඉඩම් වෙළදපල මිලට වඩා අඩු මිලකට කුලියට ගෙන පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර නිවසක් ඉදිකර ගැනීමට තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
2001 පෙබරවාරි මාසයේදී හමුදාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරීපත්වූ රජය නෙරපා හැර අවුන් සාන්සුකීව රඳවා තැබීමට කටයුතු කළ අතර පසුව පැවති නඩු විභාගවලදී ඇය රාජද්‍රෝහී, දූෂණ හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් වසර 11ක සිර දඬුවමක් නියම කරන ලදී.