716 views 0 secs 0 comments

නව කොරෝනා ප්‍රභේද රැසක්, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි..

In World News
December 23, 2020

මේ වන විටත් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයෙන් හඳුනාගෙන තිබෙන නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ලොව බොහෝ රටවල සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාධන් පවසයි.
ඉතාලියෙනුත් එක් රෝගියෙකු වාර්තා වී ඇතත්, එම ප්‍රභේදයේ වෙනස්කම් 17 ක් හඳුනාගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර දකුණු අප්‍රිකාවේ තවත් ප්‍රභේද තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි, නවතම වාර්තා අනාවරණය කළේ ය.

යුරෝපා සංගමය, පොදු ප්‍රතිපත්තියක් සඳහා සාකච්ඡා අරම්භ කිරීමත් සමග නව ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යට ජාත්‍යන්තර ගුවත් ගමන් අත්හිටවූ රටවල් සංඛ්‍යාව 40 ඉක්මවා තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිකාර ප්‍රධානි මයික් රයන් ප්‍රකාශ කළේ, මෙය වෛරස පරිණාමයේ සාමාන්‍ය තත්ත්වයක් බවත් ඒ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි.

මේ අතර ජර්මනියේ බයෝ එන්ටෙක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර ඇත්තේ, ෆයිසර් සමාගම සමග එක්ව නිෂ්පාදනය කළ කොරෝනා එන්නත නව ප්‍රභේදයට එරෙහිව ඵලදායි ප්‍රතික්‍රියා දක්වනු ඇතැයි, තමන් විශ්වාස කරන බවයි.