160 views 0 secs 0 comments

ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් අත්අඩංගුවට…

In World News
November 21, 2022

ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දීම හේතුවෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

22 හැවිරිදි මාෂා අමිනි පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර මියයෑම හේතුවෙන් ඉරානය පුරා විරෝධතා ඇරඹිණි.