64 views 0 secs 0 comments

නව පාප්වරුන් තේරීම සඳහා රෝමයේ රහස් සමුළුව ආරම්භයි…

In World News
May 07, 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු හිස්වූ රෝමානු කැතලික් පාප් ධුරය සඳහා නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් සමුළුව රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේදී අද (07) ආරම්භ විය.

මෙම සමුළුව සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් මහාද්වීප පහක රටවල් 70කින් විවිධ භාෂා හා සංස්කෘතික පසුබැසිවලින් පැමිණි අය වෙති.

දෙව් භක්ති පූජාවකින් අනතුරුව, සමුළුවේ පළමු ඡන්ද විමසීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කටයුතු සම්පූර්ණයෙන්ම රහසිගත වන අතර, නව පාප් වහන්සේ තේරී පත් වීම සංකේතවත් සුදු දුම්වලින් ලෝකයට පවසනු ඇත.

මෙම ඡන්ද විමසීමේ ක්‍රියාවලිය “කොන්ක්ලේව්” ලෙස හැඳින්වේ.