
ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව හරහා නිවේදනයක් නිකුත් කරමින්, වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා සඳහන් කරන ලදී.
මෙම තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවධානම පහව නොයන බව දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව අවධාරණය කරයි.