726 views 0 secs 0 comments

ප්‍රංශයේ ගෘහස්ත ගැටුමක් නිසා පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට..

In World News
December 23, 2020

මධ්‍යම ප්‍රංශයේ ගෘහස්ත ගැටුමක් හේතුවෙන් කාන්තාවක් සිය දිවි බේරාගැනීම සඳහා බදාදා පාන්දර නිවෙසක වහළය මතට නැග තිබේ. එහිදී සැකකරු එම නිවෙසට ගිනි තබා ඇති අතර ඒ පිළිබඳ ව සොයාබැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබුණි.මෙම ගැටුම විසඳීමට මැදිහත් වූ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. එම තුවක්කුකරුගේ මළ සිරුර ද පසුව හමුවී තිබේ.