673 views 0 secs 0 comments

ස්ථිරවම අත්හිටවූ ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම……

In World News
January 09, 2021

ට්විටර් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම මගින් පසුගිය කාලය තුළ සිදුකර ඇති ප්‍රකාශ පදනම් කර ගනිමින් එම අත්හිටුවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගියදා අමෙරිකාවේ පැවති ගැටුම්වලට සහය දැක්වූ පුද්ගලයින් දේශප්‍රේමීන් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණඅතර එම ප්‍රකාශයෙන් අනතුරුව ඔහුගේ ට්විටර් ගිණුම පැය 12ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් අතර ඊට පසුවද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද්වේශ සහගත ප්‍රකාශ සිදුකර ඇති බැවින් ඔහුගේ ට්විටර් ගිණුම මෙලෙස සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබේ.