අලුත් අවුරුදු උදාව සැමරීමට ගොස් සිදුවූ අනතුරුවල, පසුගිය වසරට සාපේක්ෂව 47% වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසති.
ඊයේ (13) දිනය තුළ රෝගීන් 165 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති අතර ඉන් මාර්ගයේ සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
නිවසේදි සිදුවු අනතුරු හේතුවෙන් 21 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ගිනි කෙළි අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කර තිබේ.
