පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) සවස කුරුඳුගහ හැතැක්ම, කොළඹ දෙසට ඇති පිවිසුමෙන් මෝටර් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී එම රියදුරු ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන් මෙම් පොලිස් නිලධාරියා ඒ පිළිබඳව රියදුරු දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ මෝටර් රථය රියදුරු අදාළ පොලිස් නිලධාරියාට සාපරාධී බලහත්කාරයපෑමක් සහ පහරදීමක් සිදුකර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මේ වන විට අදාළ රියදුරු ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
