72 views 0 secs 0 comments

උතුරු ඉරානයේ භූකම්පනයක්

In World News
June 21, 2025

උතුරු ඉරානයේ රික්ටර් මාපකයේ 5.1 තරමේ භූකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

මෙම භූකම්පනය සිදුවී ඇත්තේ ඊයේ (20) රාත්‍රියේ, සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් නිරිත දිශාවේ, භූමි තලයට කිලෝමීටර් 10ක් ගැඹුරේය.

ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය සහ එහි අවට ප්‍රදේශ විශේෂයෙන් සෙලවී ඇති බවයි. මෙයට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි අගනුවර ටෙහෙරාන් ද කම්පනය දැනී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද මෙම කම්පනය හේතුවෙන් ජනතාවට සිදුවූ තුවාල හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල වාර්තාවක් නිකුත් වී නොමැත.