146 views 1 sec 0 comments

පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහලට…

In World News
July 31, 2023

වයඹදිග පාකිස්ථානයේ ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ දේශපාලන රැළියක් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට අධික වන බව විදෙස් මාධ්‍ය පෙන්වා වාර්තා කල අතර ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇති බවද වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව, එරට බලධාරීන් පෙන්වා දෙයි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.