216 views 0 secs 0 comments

2020 යුරෝපා පාපන්දු තරඟයේ ජය ඉතාලියට….

In World News
July 12, 2021

2020 යුරෝපා පාපන්දු අවසන් මහා තරඟය එංගලන්තයේ වෙබ්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (11) රාත්‍රීයේ පැවැති අතර ඉතාලිය කුසලානය දිනාගැනීමට සමත්විය

තරඟයේ නියමිත කාලය තුළ කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබාගැනීම හේතුවෙන් දඬුවම් පහර මඟින් ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවිය.

ඒ අනුව ඉතාලිය ගෝල තුනට දෙකක් ලෙස ජය අත්කර ගත්තේය.

ඉතාලිය යුරෝපා කුසලාන පාපන්දු කුසලාන තරඟාවලියක් ජයගත් දෙවන අවස්ථාව මෙය වේ.

ඔවුන් මීට පෙර 1968 වසරේ දී ශූරතාව දිනාගෙන තිබේ.

අවසන් මහා තරඟය නැරඹීම සඳහා අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වී ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලැබු පිරිසක් ද තරඟය නැරඹීම සඳහා බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.