Connect with us

world-news

චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධය උත්සන්න වෙයි…..

Published

on

චීනය සහ ඇමෙරිකාව අතර දිගින් දිගටම පවතින වෙළෙඳ යුද්ධය දැන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට පthva Athi බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය මත වහාම ක්‍රියාත්මක වන පරිදි, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් ඇමෙරිකාව සම්බන්ධයෙන් විශේෂ සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර ඇති අතර, චීන ජාතිකයන්ට ඇමෙරිකාවේ සංචාරයන් සැලසුම් කරන අවස්ථාවේදී ඇතිවිය හැකි ආරක්ෂක අවදානම් ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස් දී ඇත.

එමෙන්ම ඇමෙරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන් සම්බන්ධයෙන්ද ආරක්ෂක තත්ත්වය තක්සේරු කිරීමට චීන අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ සබඳතාවයන් මෑතකාලීනව දැඩි පරිදි පහළ ගොස් ඇති අතර, ඇමෙරිකාවේදී චීන ජාතිකයන්ට මුහුණපාන ආරක්ෂක තර්ජන පිළිබඳ චීන පාර්ශ්වය දැඩි කනස්සල්ලක් ද පළකරයි.

වඩාත් දැඩි තීරණයක් ලෙස, ඇමෙරිකානු ජනාධිපතිවරයා චීන භාණ්ඩවල තීරුබදු 125% දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, චීනයද අද (10) සිට ඇමෙරිකානු භාණ්ඩවල 84%ක තීරුබදු ක්‍රියාත්මක කර ඇත.

මෙම සෙසු පියවර මඟින් දෙරට අතර ව්‍යාපාරික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවත් තීව්‍ර අවදානමකට ලක්වී ඇති බව විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

මුම්බායි අයහපත් කාලගුණයෙන් ජන ජීවිත අඩාල වෙයි….

Published

on

By

ඉන්දියාවේ මුම්බායි නගරයේ අඛණ්ඩ තද වැසි හේතුවෙන් මිලියන ගණනක ජන ජීවිතයට දැඩි බලපෑම් සිදු වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර ගුවන්ගමන් සහ දුම්රිය සේවා අත්හිටුවීමටද සිදුවී ඇත.

මුම්බායි සහ අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ගත වූ දින හතර තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනය ලැබී ඇති අතර, එය සාමාන්‍ය මසකට වඩා අධික වර්ෂාවකි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී තත්ත්වය යහපත් වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළින් පසුගිය දින හතර ඇතුළත පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

Continue Reading

world-news

ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මෘතදේහය පාර්ලිමේන්තුවේදී හමුවෙයි….

Published

on

By

ෆින්ලන්ත සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ 30 හැවිරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒමලි පෙල්ටොනන්ගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ තිබියදී හමුවී ඇත.

ඔහු දිවිනසාගෙන ඇති බවට සම්බන්ධ කවුළු විශ්වාස කරමින් විමර්ශන දැනට සිදුවෙයි.

මෙම අනපේක්ෂිත තත්ත්වය හේතුවෙන් ෆින්ලන්ත පාර්ලිමේන්තුවේ සියලු නිල කාර්යාල වසා දැමීමට නියෝග කර තිබේ.

Continue Reading

world-news

උත්තරාකන්ද් ප්‍රාන්තයේ හදිසි ජලගැලීමක් – ජීවිත 4ක් අහිමිවී පුද්ගලයින් 50ක් අතුරුදන්

Published

on

By

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයකට දැඩි වැසි සහිත කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් නිවාස සහ වාණිජ ස්ථාන රැසක් විනාශවී තිබේ.

මෙම ජලගැලීමෙන් විශේෂයෙන් දැඩි හානි සිදුවී ඇත්තේ ධරාලි නගරයේ හෝටල් සහ අවන්හල් බහුලව පවතින ජනාකීර්ණ ප්‍රදේශයකි.

සිද්ධියෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 50 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන්වූවන් සොයා දැඩි ගැඹුරු Kurt rescue මෙහෙයුමක් ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වේ.

Continue Reading

ප්‍රවණතාවන්