Connect with us

Local News

සිරි දළදා දැක්ම සඳහා විශේෂ පෝලිම් හෝ ප්‍රවේශ පත්‍ර නැහැ – අස්ගිරි මහා විහාර පාර්ශ්වය

Published

on

පොදු ජනතාව සඳහා පැවැත්වෙන සිරි දළදා දැක්මට එක්වීම සඳහා කිසිඳු විශේෂ පෝලිම් හෝ විශේෂ ප්‍රවේශ පත්‍ර නොමැති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන නායක ස්වාමීන්වහන්සේ පැවසීය.

අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මෙවර දළදා දැක්මට සහභාගී වන්නට අවශ්‍ය සැමට පවතින පොදු පෝලිම් භාවිතයෙන්ම පැමිණිය යුතු බවය.

කෙසේ වෙතත්, මහා සංඝරත්නය, විදේශ තානාපතිවරුන්, විශේෂ අමුත්තා හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පමණක් විශේෂ පහසුකම් සලසා ඇති බවද උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම, මහා සංඝරත්නය සඳහා වෙන්කර ඇති විශේෂ ගේට්ටුවක් මඟින් පෙ.ව. 10ට පෙර දළදා මාළිගාවට පැමිණිය යුතු අතර, උන්වහන්සේලාට පිරිනමන දානයෙන් අනතුරුව දළදා වන්දනාවට සහභාගී විය හැකි බවද සඳහන් කළේය.

වසර 16කට පසුව පැවැත්වෙන මෙම සිරි දළදා දැක්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය මත මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වීය ස්වාමීන්වහන්සේලාගේ මගපෙන්වීම යටතේ සම්පූර්ණයෙන්ම සංවිධානය කර ඇති බවද නාරම්පනාවේ ආනන්දාභිදාන ස්වාමීන්වහන්සේ අවධාරණය කළහ.

Local News

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර 73කි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

මෙම අවාසියි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සම්මානනීය ආචාර්යයෙකුගේ අහිමිවීම විශාල අලාභයක් ලෙස සැලකිය හැකිය.

Continue Reading

Local News

තද වැසි හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් විවෘත කරයි…

Published

on

By

පවතින තද වැසි තත්ත්වය හමුවේ, අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බව මහවැලි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මෙය සිදුකරනු ලැබූයේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහාය.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තප්පරයකට ඝණ අඩි 4500ක ජල ප්‍රමාණයක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Continue Reading

Local News

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක….

Published

on

By

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (28) මධ්‍ය රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනුයේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබාදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මතය.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ට ආරම්භ වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගය නිසා තැපැල් සේවා සම්බන්ධයෙන් සමහර ප්‍රදේශවලට බලපෑම් ඇතිවිය හැකි බැවින්, මහජනතාවට මෙය සලකා බලමින් කටයුතු කරන ලෙස අවධානය යොමු කෙරේ.

Continue Reading

ප්‍රවණතාවන්