
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද (17) හමුවූ අවස්ථාවේදී, පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටලු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නොපමාව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
2019 ජනාධිපතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 7000ක් වෙන්කර තිබුණ ද එම වියදම රුපියක් මිලියන 4566ක් දක්වා අඩුකර ගැනීමට සමත් වී ඇති බවද එම කොමිසම රැස් වූ විට දැනුම්දී තිබේ.