පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියාගේ දේහය, ප්‍රපාතයේ ගලක් මත රැඳී තිබියදී සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියා.
යුද හමුදාවේ විශේෂ බලකායේ නිලධාරීන් අද අලුයම රැෆ්ලීන් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස අතුරුදහන් වූ මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක නිරත වූ අතර එහිදී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බවයි වීර්තා වුනේ.
