162 views 0 secs 0 comments

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙයි…

In Local News
March 19, 2022

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බවත්, අදාළ ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටි අතර ඇණවුම් ලද විගස පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය.

එමෙන්ම ඉන්දියාව සමග එළැඹි ණය ගිවිසුමකට අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට(20) මෙරටට ළඟාවීමට නියමිතව ති‌බේ.