145 views 0 secs 0 comments

විදුලි බිල්පත් නිකුත් කිරීමට බාධා…

In Local News
March 19, 2022

ඩොලර් නැතිකම හේතුවෙන් කඩදාසි හිඟයකුත් ඉස්මතු වෙමින් පවතින අතර මේ හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට බාධා මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ලිඛිතව විදුලි පාරිභෝගිකයින් වෙත බිල්පත් නිකුත් කරන්නැයි මනු කියවන්නන් වෙත දැනුම් දී ඇති බවත්, විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් වෙතොත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවට පිවිස ඒ පිළිබදව පරික්ෂා කරගත හැකි බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා ප්‍රකාශ කර සිටියා.