Connect with us

Local News

කොවිඩ් ආසාදිත මවක් සිව්නිවුන් දරුවන් බිහිකරයි…

Published

on

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් ආසාදිත 25 හැවිරිදි මවක් සිව් නිවුන් දරු උපතක් සිදුකිරීඑමත් සමඟ සියලුදෙනාගේ අවධානය ඒ වෙතට යොමු විය. කොළඹ කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි එලෙස ගැහැණු දරුවන් දෙදෙනෙකුත් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහි කළාය.

ඊයෙ (17) උදෑසන 11.23 ට මෙම සිව් නිවුන් දරු උපත සිදු වූ අතර වෛද්‍යවරුන් පවසන්නේ කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරු උපතක් සිදු කළ ලොව පළමු අවස්ථාව මෙය බවයි.

ඇය ඉකුත් නොවැම්බර් 30 වනදා ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් වූ අතර එදින සිදුකළ PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණි. ඒ අනුව ඇය විශේෂ වාට්ටුවකට යොමුකර තිබුණේය.

කොවිඩ් ආසාදිත මවක් වුවත්, නව ජන්ම දැඩි සත්කාර පහසුකම් සිය රෝහලේදීම ලබාදිය යුතු නිසා වෙනත් රෝහලකට මාරු නොකර ද සොයිසා කාන්තා රෝහලේදීම දරු ප්‍රසූතිය සිදුකිරීමට එහි රෝහල් කාර්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.
මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරු 08 දෙනෙක් ඇතුළු සහභාගී වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව 15කි. දරුවන් සඳහා විශේෂිත උපකරණ පවා ගෙන්වා තිබූ අතර, එක් එක් දරුවාට වෛද්‍යවරු සහ හෙදියන් යෙදවීමත් විශේෂත්වයකි. විශාල පරිශ්‍රමයකින් අනතුරුව බිහිකළ මේ දරුවන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ රඳවා තිබේ

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්