640 views 0 secs 0 comments

කොවිඩ් දේහ භූමදානයට අගමැතිගෙන් අවසර…

In Local News
February 10, 2021

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (09) ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළව, කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වු එස්.එම් මරික්කාර් මහතා,
“සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යරවරිය උත්තරයක් දුන්නා වතුරෙන් කෝවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙම නම් දැන්වත් අපි අහන්නේ අගමැති තුමාගෙන් මේ භූමිදානය සඳහා අවසර දෙන්න.“

අගමැති – “භූමදානය කරන්න ඉඩ දෙනවා.“