
ඊයේ (07) දිනය තුළ පමණක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 459 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. ඒ අතරින් ආසාදිතයින් 245 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ආසාදිතයින් 214 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.
එමෙන්ම ඊයේ (07) දිනයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 772 දෙනා අතරින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 49 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක් වාර්තා වී තිබේ.