
ඉන්දියාවේ හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කඩා වැටීමෙන්, ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් මියගොස් තිබේ. ඉන් දේපළ රැසකට ද හානි සිදුව ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
මියගිය හා අතුරුදහන් වූවන් අතර ඉදිවෙමින් පවතින විදුලි බලාගාර දෙකක කම්කරුවන් පිරිසක් සිටින බවත් එම අතුරුදහන් වූවන් සොයා මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඉන්දීය බලධාරීහූ පවසති.
අදාළ සිදුවීම පිළිබඳව තමන් නිරන්තර අවධානයෙන් පසුවන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ ය.