88 views 0 secs 0 comments

මෝදි නිල සංචාරයක් සඳහා අමෙරිකාවට…

In World News
February 12, 2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා අද (12) අමෙරිකාව බලා පිටත් යාමට නියමිතව තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයේ නිරත වන බව සඳහන් වන අතර ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුවක් හෙට (13) දිනයේ දී වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු දෙරටේ නායකයින් අතර සිදුවන පළමු හමුව මෙයවේ.