209 views 13 secs 0 comments

හෙට සිට පැය 3ක විදුලි කප්පාදුවක්…

In Local News
June 26, 2022

හෙට (27) දිනයේ සිට ජුලි මස 3 වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි මිනිත්තු 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 මිනිත්තු 20 මෙලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

එසේම ජුලි මස 2 වනදා සහ 3වනදා දිනවල හැර අනෙක් දිනයන් හි කොළඹ නාගරික කලාපයේ පැය 2ක කාලයක් පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.

M, N, O, X, Y, Z කලාප සඳහා ජුලි මස 2 වනදා සහ 3වනදා දිනවල හැර පෙරවරු 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.