අද (22) ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර තොගය නිල වශයෙන් මෙරටට ලබාදී තිබෙනවා.
ඒ සඳහා විදෙස් අමාත්‍ය ජී.එල් පීරිස් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාග ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණා.
සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 200ක්, ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 24ක් එම ආධාර තොගයට ඇතුළත් වනවා.