186 views 0 secs 0 comments

මහරගමින් කොවිඩ් පොකුරක්..

In Local News
August 16, 2021

මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත තවත් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා ද යොමුකර ඇත.

මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා විරෝධතාවයක් අතරතුර අනතුරකට ලක්වීම හේතුවෙන් මේ වනවිට රෝහල්ගතව පසුවන අතර ඒ හේතුවෙන් පොලිස් ස්ථානයට වැඩබලන ස්ථානාධිපතිවරයෙකු පත්කර තිබූ අතර මෙම ආසාදිත පිරිස අතරට ඔහුද අයත්ය.