Connect with us

Local News

අනුර හා නවසීලන්ත මහ කොමසාරිස් අතර හමුවක්..

Published

on

අද (06) පෙරවරුවේදී අනුර කුමාර දිසානයක මහතා හා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්තුමා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල වශයෙන් විවෘත කිරීමත් සමඟ මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ සිය රාජකාරී ආරම්භ කළ අතර, වසර දෙකහමාරක රාජකාරියෙන් සමුගැනීම සනිටුහන් කරමින් මෙම හමුව පැවැත් වූ බව අනුර කුමාර දිසානයක මහත තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි.

මෙහිදී, අභියෝගාත්මක කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගනිමින් මයිකල් ඇපල්ටන් මහතා දැක්වූ දායකත්වය ජාතික ජන බලවේගය ලෙස විශේෂයෙන් අගය කල අතර මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද සහභාගී වූ බව වැඩිදුරටත් සඳහන් වේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ගාල්ල ප්‍රදේශයේ ජලභීතිකාව වැළඳීමෙන් පාසල් සිසුවෙකු මරුට…

Published

on

By

ගාල්ලේ හත් හැවිරිදි පාසල් සිසුවෙකු ජලභීතිකාව (රේබිස්) වැලඳීමෙන් අද (27) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සිසුවා 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මාසයකට පමණ පෙර නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු මුහුණ ප්‍රදේශය පහුරු ගා ඇති බව පසුව අනාවරණය වී ඇත. පසුව ජලයට හා සුළඟට බියවීම වැනි ලක්ෂණ දැක්වීමත් සමඟ සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමව්පියන්ට භාරදී ඇත.

Continue Reading

Local News

ගාලු කොටුවේ ගල් බැම්මෙන් ඇද වැටී සිසුවෙක් මරුට…

Published

on

By

ගාල්ල කොටුවේ ගල් බැම්මේදී සිදුවූ අනතුරකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ජනිත් ගමගේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් වාර්තා අනුව, ඔහු ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මිතුරන් සමඟ විනෝද වීම සඳහා ගාල්ල කොටුව පැමිණි අවස්ථාවේදී, ගල් බැම්මේ සිට මුහුදට පනිමින් ක්‍රීඩා කරන ස්ථානයෙන් ඇද වැටී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඇදවැටීමෙන් ඔහුට බරපතළ තුවාල සිදුවී, කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෘත ශරීරය ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර, ගාල්ල පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Continue Reading

Local News

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

Published

on

By

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැක.

2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි.

විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත්ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබෙන අතර ඊට පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්