 
  මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම මාර්තු 3 වැනි දා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන්, මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

 
  
           
           
          