134 views 0 secs 0 comments

ඉන්ධන මිලෙහි වෙනසක්…..

In Local News
January 31, 2024

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිපෙට්කෝ සමාගම තීරණයකර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 456ක් වේ.

මෙතෙක් රුපියල් 358 පැවති , ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ ගොස් ඇති අතර රුපියල් 461ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහළ දමා තිබේ.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 ඉහළ ගොස් ඇති අතර එහි නව මිල
රුපියල් 262 ලෙස සටහන් වේ.