
පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.