785 views 0 secs 0 comments

තැපැල් ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ්… තැපැල් සේවය අඩාල වෙයි..

In Local News
January 02, 2021

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට හා තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. මේ හේතුවෙන් බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක ලිපි බෙදාහැරීම් කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. තැපැල් සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකිරීම හේතුවෙන් අතිරේක සේවකයින් යොදවා තැපැල් බෙදාහැරීමේ කටයුතු සිදුකළ ද ලිපි බෙදාහැරිමේ කටයුතුවල යම් ප්‍රමාදයන් සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.