182 views 0 secs 0 comments

කැනඩා මහකොමසාරිස් සහ ජවිපෙ නායක අතර හමුවක්…

In Local News
September 23, 2022

අද (23) උදෑසන ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වෙළඳ කොන්සියුලර් ඩැනියෙල් බූඩ් මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස යන සහෝදරවරුද එක්ව සිටියහ.

මෙම හමුවේදී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති අභියෝග පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනිණි.