දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිවයින පුරා බන්ධනාගාර 10ක රැඳවියන් සිය ආහාර වේලක් පරිත්‍යාග කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
නව මැගසින්, වැලිකඩ, බෝගම්බර, මාතර, මහර, කුරුවිට, යාපනය, මොණරාගල, අගුණුකොලපැලැස්ස සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් මෙලෙස ආපදාවට පත්වූ ජනතාවට සහය දැක්වීමට එක්ව ඇත.
ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයෙන් රුපියල් 450,710ක් වටිනා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති අතර, වැලිකඩ බන්ධනාගාරයෙන් රුපියල් 454,630ක් සහ බෝගම්බර බන්ධනාගාරයෙන් රුපියල් 367,949ක් වටිනා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබේ.
එමෙන්ම මාතර බන්ධනාගාරයෙන් රුපියල් 105,046ක, මහර බන්ධනාගාරයෙන් රුපියල් 386,010ක සහ කුරුවිට බන්ධනාගාරයෙන් රුපියල් 195,150ක වටිනා ආහාර ද්‍රව්‍යද මෙලෙස පරිත්‍යාග කර ඇත.
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 258,612ක් වන අතර, මොණරාගල බන්ධනාගාරයෙන් රුපියල් 96,471ක, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් රුපියල් 540,679ක සහ මඩකලපුව බන්ධනාගාරයෙන් රුපියල් 209,224ක ආහාර ද්‍රව්‍ය ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් ලබාදී ඇති බව සඳහන් වේ.
