208 views 0 secs 0 comments

ඖෂධ වර්ග 40ක හිඟයක්….

In Local News
March 30, 2022

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය, රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව ප්‍රකාශ කර සිටියා.

එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, එම සියලු ඖෂධ කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවයි. එමෙන්ම ඖෂධ වර්ග දෙකක් මේ වනවිට රජයේ රෝහල්වල නොමැති බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.