
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළේය.
උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ මෙය දේශපාලනය කිරීමට කාලය නොවන බවත් ජාතියේ උන්නතිය වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවත්ය. අග්‍රාමාත්‍යවරයා සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ සියලු පාර්ශ්වවලට මීළඟ සැසිවාරයට පැමිණෙන ලෙස ආරාධනා කළේය.
“අප්‍රේල් අලුත් අවුරුද්ද ආසන්න වීමත් සමඟ ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන සහ ආහාර හිඟ වේ යැයි බොරු බියක් ඇති කර නොගන්න,” ඔහු පැවසීය.
මහජනතාව මුහුණ දෙන දැඩි අපහසුතාවයන් පිළිබඳව රජය දැනුවත් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා එම ගැටලුවලට හැකිතාක් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.