86 views 0 secs 0 comments

ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්…

In Local News
November 04, 2024

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයකද සේවය කර ඇති අයෙකි.

වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබූ අතර ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබේ.