97 views 0 secs 0 comments

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට…

In Local News
November 04, 2024

ඊයේ (03) දින ගම්පහ පොලිස් වසම මිනුවන්ගොඩ මාර්ගයේදී රුපියල් 5000ක ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් සන්තකයේ ත්බාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම ලද තොරතුරක් මත ගම්පහ පොලිස් කණ්ඩායම මඟින් මෙහෙයවූ අතර අත්අඩංගුවට පත් සැකකරු 44 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු ගම්පහ පොලිසිය විසින් සිදු කරන බව වාර්තා වේ.