125 views 0 secs 0 comments

දිවි තොර කල සාදය…

In Local News
September 24, 2023

මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ පැවැති සාදයක් අතර තුර ඇතිවු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.