117 views 0 secs 0 comments

වරාය නගරයෙන් හමු වූ මළ සිරුර…

In Local News
September 24, 2023

කොළඹ වරාය නගර වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.

ඊයේ (23) දහවල් කාලයේ කොළඹ වරාය පොලීසියට ලද තොරතුරුක් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් සිටින පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙම පුද්ගලයා අවුරුදු 40ත් 45ත් අතර වයසක පසු වන පුද්ගලයකු වන අතර, උස අඩි 5යි අඟල් 8ක් බව සදහන් වේ.

ඔහු අවසන් වරට ඇඳ සිට ඇත්තේ, නිල් පැහැති දිග ඩෙනිම් කලිසමකි.

මේ වන විට සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.