මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසු සිසුවියන්ට ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කරන ‘Vision’ වැඩසටහනට අද (21) සහභාගී වීමට අවස්ථාව ලැබිය.
මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන ඒකකය එක්ව සිසුන් සඳහා ක්‍රියාත්මක කරන උත්සාහයකි.
එයට සමගාමීව පරිසර ප්‍රතිරක්ෂණයේ වැදගත්කම අනස්ථ කරමින් ආයතනයට වටිනා පැළ කිහිපයක් තිළිණ ව ලෙස පිරිනැමිණ.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, SLIIT නීති පීඨ කථිකාචාර්ය ගිම්හාන් සූරියබණ්ඩාර, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල ඇතුළු පිරිසක් සහභාගී වූහ.
